ජෙනරාල් සරත් ෆොන්සේකා තම ප්රතිවාදියා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ‘වරදට සමාව’ පිළිගැනීමට කැමති වූ බව වැලිකඩ සිරගෙදරින් වාර්තා වේ. ඒ අනුව ගලබොඩ පොඩි හාමුදුරුවෝ දෙපාර්ශවයේම තත්වෙ රැකෙන ආකාරයේ ගනුදෙනුවකට ලෑස්ති වෙන අතර ෆොන්සේකාව වෙන වැඩක් නොකර එක්සත් ජාතික පක්ෂයට හේත්තු කිරීමට එකඟ කර ගෙන ඇත.
ෆොන්සේකා මෙම දැඩි හික්මීමට පහත සඳහන් හේතු එකක් හෝ කිහිපයක් විය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
1. එල්ටීටීය වෙනුවෙන් පෙනී සිටින බැවින් වික්රමබාහු කරුණාරත්න වැන්නවුන් කොටින් බව තමන් විසින් පැවැසුවත් වික්රමබාහු පසුගියදා තමා ගැන පැවසූ වර්ණනාව තවදුරටත් ඉවසාගෙන සිටිය නොහැකි වීම
2. හිතන් හිටිය විදියට උගත් පාඩම් හා ප්රතිසංධානය පිළිබඳ වූ ජනාධිපති කොමිසම ඔක්කොම පව් තමන්ගේ කර පිටින් යැවිවේ නැති වීම
3. මැති ඇමති ක්රිකට් මැච් එක මිස් වීම
4. ’මේ යකා එපා කිව්වාට අහන්නෙ නෑනෙ’ ලංකාඊනිවුස් හි ෆොන්සේකා බේරාගැනීමේ සටන නවත්වා ගැනීම

:-)
ReplyDeletedan wath gon kath nawathwala hitapiyau yakune. meka eliyata enakal. lajja hithunoth...
ReplyDeleteක්රිකට් මැච් එක මිස් උන එක වෙන්න ඕනේ ලොකුම හේතුව. නැත්නම් අර කොළඹ කාර් රේස් බලන්නද දන්නේ නැහැ.
ReplyDelete