දීප්ති කුමාර ගුණරත්නගේ අලුත්ම අවුල තියෙන්නේ බූන්දිය සමඟයි. දීප්ති කියන හැටියට දීප්තිගේ ඇඟේ එල්ලීමට වඩා වැඩක් බූන්දියට දැන් නැති බවකි. ජනප්‍රිය භාවය හීන වේගෙන යන් බූන්දිය සිය ජනප්‍රිය භාවය රැක ගැනීම සඳහා දීප්ති සමඟ එල්ලෙන බවකි. අනුන් ගේ එල්ලෙන තැන් ගැන කියන දීප්ති අම්මා මුත්තා නැතිව දැං එල්ලෙන්නේ සුමිත් චාමින්ද සමඟ බව දන්නෝ දනිති. වේදිකාවක් නැතිව සිටි සුමිත් චාමින්දට ජවිපෙ විකල්ප සෙට් එක් නව ලිබරල් කන්‍යාභාවය බිඳින්න සුදු රෙදි දාළ දෙන කොට දීප්තිට මළ පනින්නේය. දීප්ති කාලයක් රාවයේ විමල් වීරරත්නට නෙළපු නිසාවෙන් දැං විමල් සුමිත් චාමින්දව නග්ගන විට දීප්තිගේ මළ .....තව දුරටත්.....තව දුරටත්.... අනේ මන්දා.
ඔන්න ඔහොමයි ලංකාවෙ විකල්ප දේසපාලොනේ...
බූන්දියේ ජනප්‍රිය භාවය නැතිවෙන්නේ මොකක්වත් හින්දා නොවෙයි දීප්තිගේ මළ පන්නන්න දීප්තිට එරෙහි එවුන් හැම එකාගෙම ලියුම් කරදහි බූන්දියේ දැං කොපි ඇන්ඩ් පේස්ට් කරණ නිසාවෙනි. ඒවා කියවන්න නෙමේ.... මට කුණුහරප මතක් වෙනවා ඕයි.......! දීප්ති ට එරෙහිව බූන්දිය නැගිටින විට බැබලෙන්නේ දීප්ති බව බූන්දිය අඳුනා නොගනී. නන්නත්තාරවෙලා සිටින හාල්පාරුවන් ගෙන් දීප්තිට දමා ගැසීමෙන් වැඩත් නැති බවත් බූන්දිය නොදනී.
තමන්ගේ වැඩේ හරියට තමන් කිරීමේ සංවරය බූන්දිය ඉගෙන ගත යුතුයි.
අජීත් පැරකුම් කෙනෙක් ගැන බූන්දියෙත් තිබුණා. දීප්තිත් දාළ තිබුණා. දහ අතේ කල්පනා කොළා අම්මපා.. දැං මතක් උනේ.. කොල්ලා අරං ආව රටකජු ගොට්ට ඔතපු කොලේක ඔය නම තිබුණා. කොලේ අනිත් පැත්තේ තිබුනේ සාස්තර ද සාස්තරුද ඔන්න ඔය වගේ නමක්..

0 comments:
Post a Comment